ලංකාවෙ ෆුල් ෆේස් හෙල්මට් තහනමක් පැනවීමත් සමඟ යතුරු පැදි භාවිත කරන්නන් මේ දින වල බොහෝ අපහසුතාවයට පත් වී සිටිනවා. සීට් බෙල්ට් නැති, ආරක්ෂිත බැලූන නැති නමුත් අනෙක් වාහන තරමටම වේගයෙන් යන මෝටර් සයිකලයක යන විට ෆුල්ෆේස් හෙල්මට් එකක් පැළදීම අනතුරකදී බොහෝ ජීවිත බේරා ගැනීමට රුකුලක්. මේ තීරණ ගන්නා උදවිය කිසි දිනක මෝටර් සයිකලයක් ධාවනය කර නැතිව ඇති. කෙසේ නමුත් මන් මේ කියන්න යන්නේ මේ වසරේ ලොව වේගවත්ම මෝටර් සයිකල් 10 ගැන. ඔබත් යතුරපැදි වලට ආදරය කරන හොඳ යතුරුපැදි ධාවකයෙක්නම් මෙම ලිපිය අනිවාර්යයෙන්ම බලන්න.
10. Ducati 1098 S
අපගේ ලැයිස්තුවේ 10වන ස්ථානය හිමි වන්නේ ඉතාලියේ නිශ්පාදිත Ducati 1098 S සඳහා. 10වන ස්ථානය හිමිවුවත් මෙය හිමින් ගමන් ඇති මෝටර් සයිකලයක්නම් නොවෙයි. වර්ශ 2007දී වෙළද පොළට පැමිණි 1098 S පැයට සැතපුම් 169ක (271.98 km/h) වේගයෙන් ධාවනය කළ හැකියි. පැයට සැතපුම් 60 දක්වා වේගයක් ලබා ගැනීමට මෙයට ගත වන්නේ තත්පර 3ක්. කිලෝ ග්‍රෑම් 173ක බරකින් යුක්ත වන මෙම ඩුකාටි යතුරු පැදිය L-twin cylinder, 4-valve per cylinder Despodromic එන්ජිමකින් බල ගැන්වෙනවා.
9. BMW K 1200 S
http://www.roundpulse.com/wp-content/uploads/2013/02/BMW-K-1200s.jpg
නව වන ස්ථානයට පත් වන්නේ BMW සමාගමේ K 1200 S යතුරුපැදියයි. වේගයෙන් යාමට කැමති බොහෝ දෙනා මෙම අලංකාර වාහනයට කැමැත්තක් දක්වනවා. මෙහි උපරිම වේගය ලෙස සටහන් වන්නේ පැයට සැතපුම් 174ක් (280.03 km/h). මෙහි 16 valves, 4 valve per cylinder, DOHC, horizontal in-line එන්ජිම BMW L 1200 S නව වන ස්ථානයට ගෙන ඒමට සමත් වී තිබෙනවා.
8. Aprilia RSV1000 Mille
http://www.motorcyclespecs.co.za/Gallery%20B/Aprilia%20RSV%201000%2007%20%201.jpg
Aprilia RSV1000 Mille මීළඟට වේගවත් යතුරු පැදියයි. මෙහි අලංකාර බව, සුමට බව සහ පාලනයට පහසු වීම නිසා ලොව බොහෝ යතුරුපැදි කරුවන්ගේ අවධානය දිනා ගැනීමට RSV1000 Mille සමත්වී තිබෙනවා. 998 cc, 60 degree V-twin එන්ජිම මෙයට බලය සපයනවා. වර්ෂ 2004දී හඳුන්වා දුන් මෙම යතුරුපැදිය තවමත් ඉතාමත් ජනප්‍රිය තත්ත්වයේ පවතිනවා. උපරිම වේගය ලෙස පැයට සැතපුම් 175ක් (281.64 km/h ) සටහන් වනවා.
7. Kawasaki Ninja ZX-14 (ZZR1400)
http://axismy.files.wordpress.com/2012/02/kawasaki-zx-14.jpg?w=714
සත්වන ස්ථානය ජපානයට හිමිකර දෙන්නට සමත් වන්නේ කවසාකි සමාගමේ Ninja ZX-14 හෙවත් ZZR1400 යතුරු පැදියයි. ජපාන සමාගමකින් මෙතැක් නිපදවූ බලසම්පන්නම මාදිළිය වන්නේ මෙයයි. පැයට සැතපුම් 176ක (283.24 km/h) උපරිම වේගය ලබා ගැනීමට Ninja ZX-14 වෙත බලය සපයන්නේ 1052 cc 4-stroke, 4 valve per cylinder, DOHC එන්ජිමයි. තත්පර 2.5කින් පැයට සැතපුම් 60ක් දක්වා වේගයක් ලබා ගැනීමට එම එන්ජිමෙන් ලැබෙන බලය ප්‍රමාණවත්.
6. MV Agusta F4 1100 CC
http://www.siempremotos.com/wp-content/uploads/2012/12/MV-Augusta-F4-Series-1100cc-e1356484076113.jpg
MV Agusta F4 1100 CC මෝටර් සයිකලය පැයට සැතපුම් 185ක (297.73 km/h) වේගයකින් ගමන් කළ හැකි බලගතු යන්ත්‍රයක්. 16 radial valves, hemispherical 4 valves per cylinder, DOHC සහ inline එන්ජිමකින් Agusta F4 1100 CC සන්නද්ධයි. මෙම යතුරු පැදියේත් බාහිර හැඩ ගැන්වීම සඳහා MV Agusta හි සාම්ප්‍රදායික රතු සහ රිදී වර්ණයන් යොදාගෙන තිබෙනවා.
5. Yamaha YZF R1
http://pictures.topspeed.com/IMG/crop/201210/2013-yamaha-yzf-r1-42_600x0w.jpg
ලොව වේගවත්ම ජතුරුපැදි ලයිස්තුවේ පස්වන ස්ථානයට හිමිකම් කියන්නේ යලිත් ජපානයයි. යමහා සමාගමේ YZF R1 යතුරුපැදිය පැයට සැතපුම් 186ක (299.34 km/h) වේගයෙන් ගමන් කළ හැකි ලෙස නිපදවා තිබෙනවා. වේග 6කින් සහ මල්ටි ප්ලේට් ක්ලච් වලින් සමන්විත මෙම යමහා මෝටර්සයිකලය අප කළින් සදහන් කළ Ninja ZX-14 යතුරු පැදිය තරම් බලගතු නැතත් YZF R1 ඊට වඩා බොහෝ වේගවත්.
4. Honda CBR1100XX Blackbird
http://www.iloveindia.com/bikes/pics/honda-cbr1100xx.jpg
අප කෙමෙන් කෙමෙන් ලං වන්නේ අදහාගත නොහැකි තරම් වේගවත් යතුරුපැදි කිහිපය වෙතයි. හතරවන ස්ථානයට එක්වන යතුරුපැදිය හොන්ඩා සමාගමේ නිශ්පාදනයක්. මේ CBR1100XX නිපදවා තිබෙන්නේ Ninja ZX-14 හට අභියෝගයක් ලෙසයි. නවසිය අනූව කාලයේදී වේගවත්ම යතුරුපැදි නිපදවන්නා ලෙස නම් දරා සිටියේ හොන්ඩා සමාගමයි. මෙහි ඇති 1137 cc, 4 valves per cylinder එන්ජිමේ බලයෙන් Blackbird හට පැයට සැතපුම් 190ක (305.78 km/h) වේගයෙන් ගමන් කළ හැකියි.
3. MTT Turbine Superbike Y2K
http://www.motoplanete.com/mtt/galerie/14.jpg
අපගේ ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත් වන්නේ Ted McIntyre විසින් සැලසුම් කරන ලද Marine Turbine Technologies විසින් නිශ්පාදනය කරන ලද MTT turbine Super Y2K මෝටර් සයිකලයයි. අපගේ ලයිස්තුවේ ඇති යතුරු පැදි අතරින් ඉතා අලංකාරම යතුරුපැදියක් ලෙස මෙය හැඳින්විය හැකියි. මෙහි ඇති එන්ජිම Rolls Royce 250-C20 Turbo එන්ජිමක්. එයින් සැපයෙන බලයෙන් මෙයට පැයට සැතපුම් 227ක (365.32 km/h) උපරිම වේගයක් සදහා ළඟා විය හැකියි. එම යතුරුපැදිය අශ්වබල 320කින් යුක්තයි.
2. Suzuki Hayabusa
http://www.cycledrag.com/wp-content/uploads/2012/01/2012-Suzuki-Hayabusa-Nice-53.jpg
ලොව ඇති වේගවත්ම මෝටර්සයිකල් අතරින් එකට පමණක් දෙවැනි වන මෙය නිශ්පාදනය කර තිබෙන්නේත් සුසුකි සමාගමයි. Suzuki Hayabusa හෙවත් GSX 1300R යතුරුපැදිය මෙහි ඇති අධිබල එන්ජිම මගින් මෙයට පැයට සැතපුම් 248ක වේගයක් ලබාගත හැකියි. ජපාන භාෂාවෙන් Hayabusaයනුවෙන් හඳුන්වන්නේ උකුස්සන් විශේෂයක් ලෙස සටහන් වනවා.
1. Dodge Tomahawk
http://image.motorcyclistonline.com/f/images/8842906+w799+h499+cr1+ar0/112_Tomahawk_Tamarearzoom%2BDodge_Tomahawk%2BRight _Side_Rear_View.jpg
අවසානයේ මේ වසරේ ලොව ඇති වේගවත්ම මෝටර් සයිකලය ලෙස කිරුළු පළදින්නේ මේ දැවැන්තයායි. ඉතාමත් වේගවත් යන්ත්‍රයක් වන මෙහි උපරිම වේගය පැයට සැතපුම් 350ක් (563.27 km/h). පැයට සැතපුම් 60ක් දක්වා වේගයක් ලබා ගැනීමට Dodge Tomahawk සඳහා ගත වන්නේ තත්පර 1.75ක් පමණයි. මෙම මෝටර් සයිකලය සඳහා අශ්වබල 500ක බලයක් ලබා දෙන්නේ 10 cylinder V-type එන්ජිමයි. මෙහි නිර්මිතිය අප එදිනෙදා දකින සහ මේ ලයිස්තුවේ ඇති අනෙක් මෝටර් සයිකල් වලට වඩා බොහෝ සේ වෙනස්.
No comments:
Post a Comment