Saturday, April 15, 2017

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු කුමක්ද?

තොරතුරු හා සන්නිවේදන 

තාක්ෂණය යනු කුමක්ද?

අතීතයේ සිට වර්තමානය දක්වා මිනිසා විසින් විවිධ යුග (ගල් යුගය, එඬේර යුගය, ගොවි යුගය, කාර්මික යුගය) ගණනාවක් පසු කරමින් වර්තමාන තාක්ෂණ යුගයට එළඹ තිබෙනවා. කලින් පැවති සෑම යුගයකටම වඩා වර්තමාන තාක්ෂණ යුගය ඉතාමත් දියුණු මට්ටමක තිබෙනවා. මිනිසාගේ මෙම සීග්‍ර දියුණුවත් සමගම ඔවුන්ගේ අවශ්‍යතාවයන් වගේම දැනුමත් වැඩි වුණා. එමනිසා අවශ්‍යතාවයන් පෙරට වඩා සංකීර්ණ වුණා.


උ.දා :-  
  • ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රවෘත්ති විකාශණය ඇසීම හෝ නැරඹීම.
  • අන්තර්ජාලය භාවිතයෙන් ශ්‍රව්‍ය/දෘශ්‍ය මාධ්‍ය දුරකථන ඇමතුම් ලබාගැනීම(Skype Call).
  • ඈත රටක සිටින මිතුරෙකුට විද්‍යුත් තැපැල් පණිවුඩයක් යැවීම(Email). 
  • ෆැක්ස් යන්ත්‍රයක් මගින් දෘඩ පිටපතක් අවශ්‍ය ස්ථානයකට සන්නිවේදනය කිරීම.
මේ සියළුම අවශ්‍යතාවයන් සපුරාගැනීමට මිනිසුන්ට තොරතුරු(Information) අවශ්‍ය වුණා. ඔවුන් තොරතුරු නිර්මාණය කිරීමට, එක්රැස් කිරීමට, ගබඩා කිරීමට, හැසිරවීමට, සන්නිවේදනය කිරීමට, භාවිතා කිරීමට සහ කළමනාකරණය කිරීමට උත්සහ කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අක්ෂර, ඉලක්කම්, සංකේත වැනි දෑ සොයාගනු ලැබුවා. මෙලෙස තොරතුරු හැසිරවීමට ඔවුන්ට යම් කිසි තාක්ෂණයක් අවශ්‍ය වුණා. ඒ සඳහා භාවිතා කල තාක්ෂණයතොරතුරු හා සන්නිවේදන තාක්ෂණය(Information & Communication Technology) ලෙස හඳුන්වනවා. වර්තමානය වන විට තොරතුරු හැසිරවීම බොහෝසෙයින් දියුණුවී ඇත. මේ සඳහා විද්‍යුත් මාධ්‍යයන් භාවිතා කරයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන්න පහත පරිදි අර්ථ දැක්විය හැක.

තොරතුරු නිර්මාණය කිරීමට,කළමණාකරනය කිරීමටඑම තොරතුරු භාවිතා කිරීමට සහ එකිනෙකා සමග හුවමාරු කර ගනීම සදහා භාවිතා කරන තාක්ෂණය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නම් වේ.
Copyrighted by kanishka blog

No comments:

Post a Comment